බදාදා හැන්දාවේ (අගෝස්තු 22) කිරිවෙහෙරට ගියා පිරිත් පිංකමකට. සද්දෙන් පිරිත් සජ්ජායනය වගේම අර්ථයත් සිහියට ගන්න කියලයි හමුදුරුවන්ගේ අනුශාසනය වුනේ.
පහුවෙනිදා පාන්දර ඊට සමගාමීව ම අධිෂ්ඨාන පුජාවටත් සහභාගී වෙලා දා ගත්තු නිවාඩුව ඉතුරු වුනු හන්දා තවත් තැනක් බලන්න යන්න ලෑස්ති වුනා.
මගේ හිතවතා කීවේ නම් එහෙ බලන්න දේ ගොඩයි කියලා. යන්නේ ලක්ෂ්මි දේවාලේ බලන්න කීවාට බලන්න දේ තියේ කියලා කිසි විශ්වාසය ක් තිබ්බේ නෑ. විශ්වාසයක් නොතිබ්බෙම භාරහාර වෙනුවෙන් කාලය කැපකිරීම් පිළිබඳ උනන්දුවක් පවුලේ වත් නොතිබුණු නිසා.
සෙල්ල කතරගමට යන අතරමගින් හැරිලා ලක්ෂ්මි දේවාලෙට යන්න තියෙන්නේ . අනිත් පාරවල් වගේ ලස්සන කාපට් පාරක් නොවුනේ දේවාලෙත් දේශපාලනිකයි යන ආරංචියකුත් ආවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කියපු තැනට ළඟා වෙද්දී හිතුනේ,මෙතනත් සාමාන්‍ය සංචාරකයන් පිරෙන තැනක් වග.
මොකද මල්, දොදොල් , තොප්පි , මාල, බීම පුරුදු විදියටම .
යන්කො ඇතුළට...
ඇතුළ්වෙද්දීම බොහොම මිහිරි ලක්ෂ්මි ස්තෝත්ර ගායනයක් ඇහෙන්නේ. බලද්දි ඒකත් විකුණනවා.
දෙවෙනියට දැක්ක දේට හීං සතුටකුත් ආවා. " පළමුව බුදුන් , දෙවනුව දෙවියන් වඳිමු". ඒ උපදේශෙට වඳින්න ගියාම ගාථා සජ්ජායනා කරලා ඉවර වෙලා බලගතු පිරිත් යන්තරයක් විකුණනවා . මුදලට වඩා ධර්මය වටින හන්දා හරි විදියට අරගන්න.
ටික ටික යද්දී දෙවියන් මුණ්ගැහෙනවා. මහ විසාල පිළිම. ලංකාවට ආවේණික , ඉන්දියාව ට ආවේණික, චීනේට ආවේණික දෙවියෝ .
හමුවුනු පිළිවෙලින් ,
- හනුමන්තා දෙවි
- චීනයේ ෆූකෝ දෙවි
ඒ අතර ඒ ඒ දෙවියන් ට අදාළ දේවාල.
- විශ්නු දේව පාදය
- ක්‍රිශ්ණ දෙවි
- තිරුපති දෙවි
- පත්තිනි දෙවි
- කිරි මව්වරුන්
- විශ්නු දෙවි
- සරස්වතී දෙවි
- ගණ දෙවි
- කතරගම දෙවි
- වල්ලි අම්මා දෙවි
- ඊශ්වර දෙවි
- ශිව දෙවි
අවසානෙට ලක්ෂ්මි දේවාලෙට ත් ආවා.
ඔය අතර සර්වඣ ධාතු ප්‍රදර්ශනය ක් ද පැවැත්වුනා . ඒ බලන්න යන අතරමගදී ත් ආශිර්වාදයකට කියා ආධාර නොදී ගියොත් භාරකරු මොනාදෝ කියන එව්වත් කණට ඇහෙනවා.
කොහොම වුනත් සතුට ධනය බලාපොරොත්තුවෙන් එන බැතිමතුන් ට දේව සභාවම වන්දනා කරලා මෙතනින් යන්න වෙන්නේ තියෙන ධනයත් නැති කරගෙන. ඒ තරමට දේව භාණ්ඩ, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ම හදපූ.
මිනිස්සුන්ට කොයිතරම් ළඟා කරගන්න අපහසු බලාපොරොත්තු වෙනුවෙන් තැවෙනවද කියලා තේරුම් ගන්න මේ හොඳම තැනක් . ඒ වගේම, මෙහෙම මිනිස්සුන්ගේ ඒ දුක සනසන්නේ ඔවුන් තුළ ඇති මේ සංස්කෘතිය හා ආගමික විශ්වාසයන්.

එක්තරා දෙවි පිළිමයක් වෙත ළඟා වෙන පඩිපෙළේ අත්වැලේ එකදු හිඩැසක් තිබ්බේ නෑ. කහවතුරෙන් හෝදපු බලාපොරොත්තු හැමතැනින්ම ගැට ගැහිලා.
ඒ අතර දේවාලයෙන් දරු දැරියන් වෙනුවෙන් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනක් පිළිබඳවත් දැන්වීමකුත් දකින්නට ලැබුනා.
බලාපොරොත්තු ජීවිතය ජීවත් කරන බව ඇත්ත. නමුත් වැඩුණු මිනිසෙකුට බුද්ධියක්, මහන්සිය කැපකිරීම් දරන්න හැකියාවක් ලැබෙන්නේත් ඔය බලාපොරොත්තු සපුරාගන්නටත් එක්කම. ඊට බාධක නොවෙනවා නොවෙයි. ඒ, සමාජය ඒ තරමටම සුන්දර නොවන නිසා. ඒකට උත්තරෙත් බුද්ධිය ම වේ.
දෙවියන් නරක නැත. දෙවියන් පෙන්වා බඩවියත සරි කරගන්නා කපුවන් ඇතුළු මේ ස්ථානය ට අයත් ව්‍යාපාරික ප්‍රජාව ( එසේ කියන්නෙත් අඩියක් පාසා දකින්නට ලැබුණු වෙළද අරමුණු නිසාවෙනි) බලාපොරොත්තු විකුණන් කමින් විශ්වාසයන් මවාපාමින් අහිංසකයන් අතරමං කරති.
බලාපොරොත්තුව වෙත යන මග දුරයි නම් එය දුකක් නම් සොබාදහමත් ඔබට ඊට උපකාර කරාවි. විශ්වාස විසින් සංස්කෘත ආගමික ආභරණ පැලඳ ගත්තත් එය හුදෙක් ඔබ විසින් ඔබේ සිත හදාගැනිල්ලක් පමණක් ලෙස හා බලාපොරොත්තු සඵල නොවීමක් යැයි මා දකින්නෙමි.
මෙය හුදෙක් ආගම් විරෝධී ප්‍රකාශයක් නොවේ. එය ඔබේ සංස්කෘතිය නම් සංස්කෘතිය ට ඉඩ තබන්න නමුත් බුද්ධිය මගනොහරින්න.
#දෙවි #hithalu #දේවාල #විශ්වාස #බලාපොරොත්තු

No comments:
Post a Comment