Tuesday, July 21, 2015
කතාකරයි, සේයාරුවක්...
ජීවීතය
අරුත්බර සතුටින්පිරි දෙයක් කිරීමට ඉවහල් වන කරුණු අතරින් ප්‍රමුඛත්වය දක්වන්නේ
සෙනෙහසයි . එය ජීවීතයේ
දීප්තිය වැඩි කරයි . මානව සංහතියේ
පැවැත්ම රඳා පවතින්නේ සෙනෙහස මතයි. යොවුන් වියේ සැවොම සෙනෙහස අගය කරයි . එය ආදරයේ සංකේතයයි . පැහැයෙන් ඔපවත් වෙයි. මා ගැන මුළු දවසම සිතන අය අතරින් අතලොස්සක් මා
පිවිතුරු ලෙසින් වැළඳ ගනී . ඒ අතරින් මලකට
ඇදෙන බඹරු මෙන් දෙබරුන් ද මා සොයන නිසාවෙන් තම හැඟුම්වලට වහල් වී රාගයෙන් නෙත්
යොමයි. මා පිවිතුරුය. නෙතට උළෙලකි . අන් සිත් වශී කරයි . රුදුරු රාගයෙන්
මත්වූවන් තම සිතැඟි කෙසේ හෝ ඉටු කරගැනීමේ වස් මා වෙත ඇදේ. සිතේ දරුණු හැඟුම් මා දවා අළු කර හරින
බවට මට හැඟුනේ පමා වීය . එවිට මා අළුයම
ඉවත හෙලූ කෙළ පිඬක් හා සම වේ . සැහැසි
තිරිසන් හැඟුම් පිරි මිනිසුනි, මදක් සිතන්න . ඔබ කළ අපරාධය ජීවිතය
අළුකර දමා ඇත. මා වෙත මදක් සිත යොමු කරන්න . ඔබ මා මෙන් ගොදුරක්
නොවන්න . මගේ පැතුම
එයයි.
සජීවී පුස්තකාලය
කතාකරයි, පුවතක්...
ඔබට ඔබ අතරැඳි
සැරයැටිය වැනිය හැක්කේ අනෙකාගේ නාස් කෙළවර තෙක් පමණි. මෙය අනෙකා පිලිබඳ අවබෝධයයි. එසේම තමන්ගේ
යුතුකමයි . මිනිසා
යුතුකම් පැහැර හරින කල නීතිය ඉස්මතු විය.
මෙය අශිෂ්ට
මිනිස් සමාජය ශිෂ්ට කරවීම පිණිස මිනිසා විසින්ම නිර්මාණය කරගත්තකි. නීතිය රැකගන්නටත්, ක්‍රියාත්මක
කරන්නටත් යෙදුනු බලධරයින් අතර පොලීසිය’ වත්මන් ශ්‍රී
ලාංකික සමාජය තුළ විටෙක රළු විවේචනයටත්,
තවත් විටෙක ප්රශස්ත
ඇගයීමටත් ලක් වෙයි .
කෙසේ හෝ
බහුතරයක් පොලිස් නිලධාරින් ගැන සමාජය තුළ ඇත්තේ බියක් හා පිළිකුලකි. (සේවය සේ ම
කාකි ඇඳුම ද අදාළව ය. )
මේ හේතුවෙන් ම
අදාළ බලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේ දී ඇතිවන අතැම් වෙනස්කම් මත ඒ පිළිබඳ පහත්
මානසිකත්වයකින් සතුටු වීමත් අධ්‍යතන සමාජයේ පවතින එක් ආකාරයක විලාසිතාවකි. එසේම තමන් ම නීති උල්ලංඝනය කොට පොලිස්
නිලධාරින්ගෙන් දඬුවම් විඳින අතරතුර “පොල්ෆි” ගෙන වරද ප්‍රදර්ශනය කිරීම’ කිති කවාගෙන හිනාවිය
හැකි තරම් තවත් විලාසිතාවකි.
පුවතක් වන මා එකිනෙකාගේ වැරදි පෙන්වමින් පොලිසිය
දේවත්වයෙන් සලකා ආවඩන්නට සූදානම් නැත.
නමුත් මා කියවන
ඔබ අවබෝධයෙන් සිටිය යුතුය .
පුවත : මෝටර් රථයක් හිමිකාරිත්වය දරන කෝටිපති කාන්තාවක හා පොලීසිය අතර ඇතිවන උණුසුම් කතාබහක්
පොලීසිය ප්‍රකාශ
කරන පරිදි ඈ විසින් සිදු කොට ඇති වැරදි
:
- - සිය දරුවා ඇකයේ හොවාගෙන තනි අතකින් රිය පැදවීම (තනි අතකින්
රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදකි .)
සිදුවීමට පසුව
,
- - රාජ්‍ය දේපළවලට අනර්ථයක් කිරීම.
- - පොලීසියේ රාජකාරියට බාධා කිරීම .
- - සැමියා ප්‍රකාශ කරන පරිදි ඇය මානසික ආබාධයකින් පෙළීම .
පුවත මේ
අයුරින් ප්‍රදර්ශනය වුණද විමර්ශනයට ලක් වූ තවත් කාරණා මේ තුළ ඇත .
පුවතට අදාළ උණුසුම් කතාබහ තුළ සැර පරුෂ ස්වාභාවය ක් පැවතුනද එහි හිස් වදන්
නොමැති විය . කිසිවෙකුගෙන්
ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොවන එක්තරා යථාර්ථයත් එහි අන්තර්ගත විය. එකී සැඟවුණු යථාර්ථය තුළත් , පුවත නිර්මාණය වීමට
හේතු වූ ගාමක බලවේගය තුළත් දකින්නට ඇත්තේ එකම දෙයයි ; ඒ දේශපාලනික හා ආර්ථික
බල තුලනයේ සැඩ රශ්මියයි . අප නිර්මාණය කරන ඔබේ වගකීම වන්නේ මේ සැඩ රශ්මියට
පිලිස්සෙන මනුෂ්‍යත්වය මුසු වුනු මානව සන්නිවේදයේ ඛේදවාචකය දෙස බලා සිටීම පමණක්
නොවෙයි.
# Dula #
කතාකරයි, පොතක්...
සත්තුන්ට වගේ
නෙවෙයි’ මිනිස්සුන්ට ජීවිතේ ගැන ඉගෙනගන්න, ජීවත්වෙන හැටි
ඉගෙනගන්න ක්‍රම බොහෝමයක් තියෙනවා. බාල කාලේ සිටන් පුද්ගලයෙක් අත්දැකීම් එක්කාසු
කරගන්නා ක්‍රම කීපයක් මතක් කළොත්’
දෙමව්පියන්ගෙන්, පාසලෙන් , ටියුෂන් පන්තියෙන්, සරසවියෙන්,
රෝහලෙන්, ආගමික ස්ථානවලින්, බැංකුවෙන්,
යහළුවන්ගෙන් , පරිගණකයෙන්, ජංගම දුරකථනයෙන් , පොත්වලින්…
බෞද්ධයන්ට නම්
ධම්මපදය වැනි දහම් පොත් රාශියකින් ,
කිතුනුවන්ට බයිබලයෙන් , ඉස්ලාම් භක්තිකයන්ට කුරාණයෙන්. මේ හැම
දේකින්ම මං මුලින් කියපු දේවල් උගන්වනවා .
ජීවිතයත් එක්ක
සමීපම දේ ආදරය කිව්වොත් වැරදි නෑ .
ආදරය ට වචන 4ක් වුනාට ,
ආ ද
ර ය
L O V E
මේ ලෝකේ තුළ
පොත් පිටින් මේ වෙනුවෙන් මොන තරම් අකුරු වචන එකට ගැලපිලා ඇත් ද,
මගෙත් මුල් නම: Men are from Mars
Women are from Venus
මගේ නිර්මාපක :
Dr. John Grey
මගේ තවත්උපතක්
සිද්ධ වෙනවා ලංකාවේදී,
පරිවර්තක නම -
“ප්‍රේමය
ලෙංගතුයි”
පරිවර්තක - ප්‍රදීප්
කුමාර බාලසූරිය
මේ ලෝකේ
බොහෝමයක් පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ වගේම අඹුසැමියන්ගේ දෑත් අතරත් රැඳෙන්නට මං පිං
කරලා තියෙනවා .ඒ ජීවිතය වගේම
ආදරය උගන්වන්නටත් “ආදරයේ
අත්පොතක්” ලෙසින් මාව
සලකපු නිසාවෙන්.
මගේ පොතේ පිටු
එක සමානයි, අකුරුවල
හැඩයන් එක සමානයි නමුත් මිනිස්සු හරි
වෙනස්.
“ගැහැණුන්
අයිති සිකුරු ග්‍රහයාටය. පිරිමින්ගේ
ලෝකය අඟහරුය. එහෙයින්
ගැහැණුන්ට සිකුරු ලොවෙහි ගතිගුණ සහ හැඟීම් ද
පිරිමින්ට අඟහරු ලෝකයට අයිති ගතිගුණ සහ හැගීම් ද පිහිටයි .
මෙම ග්‍රන්ථයේ
අඩංගු සියලු මනෝ විද්‍යාත්මක උපදෙස් ලොව සෑම අඹුසැමි යුවලකටම ප්‍රායෝගිකව උපයෝගී
කර ගැනීමට හැකිවේ . තවද මෙම ග්‍රන්ථය
කියවා අවසන් වූ විට දී ආදරය සහ අඹුසැමි සබඳතාව සම්බන්ධයෙන් ඔබ නොදැන සිටි කරුණු
කෙතරම් දැයි සිතෙනු නොඅනුමානය.” මගේ පිටකවරයේ
එලෙසින් සටහන් වුණි .
තැපෑලෙන්
පීනන්න ඉගෙනගන්න බෑ වගේ ආදරේ හැම කෝණයක්ම මට පිටු කීපයකින් කියලා දෙන්න අමාරු බව
ඇත්ත. ආදරය
අත්දකින්න, විඳින්න, තේරුම් ගන්න. ඊට මාර්ගෝපදේශනයක් වෙන්න මට පුළුවන් සැබැවින්ම .
ආදරය කරන
කෙනාට වගේම පොත (මාව) කියවනකොට තේරුම් යාවි
, හිතන තරම්
ලේසි නෑ; ආදරය . සරළවම කියනවා
නම් එකිනෙකාගේ අදහස්, සිතුවිලි , හැඟීම් , ක්‍රියාවන් පරස්පර වීම
එක අතකින් හිත් රිදුමක ආරම්භය, පැවැත්ම
වෙන්න පුළුවන්. තවත් අතකින්
මේ පරස්පර බව තේරුම් ගැනීම’ ලස්සන ලෝකයක පැවැත්මේ
ආරම්භය යි .
මේ දේවල් හරිහැටි ඉගෙනගන්න .
“ආදරයේ
අත්පොත - ප්‍රේමය ලෙංගතුයි “
ආදරයට හිත ඇති
සැමට උපකාරයක් වේවි.
# Dula #
Subscribe to:
Posts (Atom)