ජීවීතය
අරුත්බර සතුටින්පිරි දෙයක් කිරීමට ඉවහල් වන කරුණු අතරින් ප්‍රමුඛත්වය දක්වන්නේ
සෙනෙහසයි . එය ජීවීතයේ
දීප්තිය වැඩි කරයි . මානව සංහතියේ
පැවැත්ම රඳා පවතින්නේ සෙනෙහස මතයි. යොවුන් වියේ සැවොම සෙනෙහස අගය කරයි . එය ආදරයේ සංකේතයයි . පැහැයෙන් ඔපවත් වෙයි. මා ගැන මුළු දවසම සිතන අය අතරින් අතලොස්සක් මා
පිවිතුරු ලෙසින් වැළඳ ගනී . ඒ අතරින් මලකට
ඇදෙන බඹරු මෙන් දෙබරුන් ද මා සොයන නිසාවෙන් තම හැඟුම්වලට වහල් වී රාගයෙන් නෙත්
යොමයි. මා පිවිතුරුය. නෙතට උළෙලකි . අන් සිත් වශී කරයි . රුදුරු රාගයෙන්
මත්වූවන් තම සිතැඟි කෙසේ හෝ ඉටු කරගැනීමේ වස් මා වෙත ඇදේ. සිතේ දරුණු හැඟුම් මා දවා අළු කර හරින
බවට මට හැඟුනේ පමා වීය . එවිට මා අළුයම
ඉවත හෙලූ කෙළ පිඬක් හා සම වේ . සැහැසි
තිරිසන් හැඟුම් පිරි මිනිසුනි, මදක් සිතන්න . ඔබ කළ අපරාධය ජීවිතය
අළුකර දමා ඇත. මා වෙත මදක් සිත යොමු කරන්න . ඔබ මා මෙන් ගොදුරක්
නොවන්න . මගේ පැතුම
එයයි.
සජීවී පුස්තකාලය
No comments:
Post a Comment