ඔබට ඔබ අතරැඳි
සැරයැටිය වැනිය හැක්කේ අනෙකාගේ නාස් කෙළවර තෙක් පමණි. මෙය අනෙකා පිලිබඳ අවබෝධයයි. එසේම තමන්ගේ
යුතුකමයි . මිනිසා
යුතුකම් පැහැර හරින කල නීතිය ඉස්මතු විය.
මෙය අශිෂ්ට
මිනිස් සමාජය ශිෂ්ට කරවීම පිණිස මිනිසා විසින්ම නිර්මාණය කරගත්තකි. නීතිය රැකගන්නටත්, ක්‍රියාත්මක
කරන්නටත් යෙදුනු බලධරයින් අතර පොලීසිය’ වත්මන් ශ්‍රී
ලාංකික සමාජය තුළ විටෙක රළු විවේචනයටත්,
තවත් විටෙක ප්‍රශස්ත
ඇගයීමටත් ලක් වෙයි .
කෙසේ හෝ
බහුතරයක් පොලිස් නිලධාරින් ගැන සමාජය තුළ ඇත්තේ බියක් හා පිළිකුලකි. (සේවය සේ ම
කාකි ඇඳුම ද අදාළව ය. )
මේ හේතුවෙන් ම
අදාළ බලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේ දී ඇතිවන අතැම් වෙනස්කම් මත ඒ පිළිබඳ පහත්
මානසිකත්වයකින් සතුටු වීමත් අධ්‍යතන සමාජයේ පවතින එක් ආකාරයක විලාසිතාවකි. එසේම තමන් ම නීති උල්ලංඝනය කොට පොලිස්
නිලධාරින්ගෙන් දඬුවම් විඳින අතරතුර “පොල්ෆි” ගෙන වරද ප්‍රදර්ශනය කිරීම’ කිති කවාගෙන හිනාවිය
හැකි තරම් තවත් විලාසිතාවකි.
පුවතක් වන මා එකිනෙකාගේ වැරදි පෙන්වමින් පොලිසිය
දේවත්වයෙන් සලකා ආවඩන්නට සූදානම් නැත.
නමුත් මා කියවන
ඔබ අවබෝධයෙන් සිටිය යුතුය .
පුවත : මෝටර් රථයක් හිමිකාරිත්වය දරන කෝටිපති කාන්තාවක හා පොලීසිය අතර ඇතිවන උණුසුම් කතාබහක්
පොලීසිය ප්‍රකාශ
කරන පරිදි ඈ විසින් සිදු කොට ඇති වැරදි
:
- - සිය දරුවා ඇකයේ හොවාගෙන තනි අතකින් රිය පැදවීම (තනි අතකින්
රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදකි .)
සිදුවීමට පසුව
,
- - රාජ්‍ය දේපළවලට අනර්ථයක් කිරීම.
- - පොලීසියේ රාජකාරියට බාධා කිරීම .
- - සැමියා ප්රකාශ කරන පරිදි ඇය මානසික ආබාධයකින් පෙළීම .
පුවත මේ
අයුරින් ප්‍රදර්ශනය වුණද විමර්ශනයට ලක් වූ තවත් කාරණා මේ තුළ ඇත .
පුවතට අදාළ උණුසුම් කතාබහ තුළ සැර පරුෂ ස්වාභාවය ක් පැවතුනද එහි හිස් වදන්
නොමැති විය . කිසිවෙකුගෙන්
ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොවන එක්තරා යථාර්ථයත් එහි අන්තර්ගත විය. එකී සැඟවුණු යථාර්ථය තුළත් , පුවත නිර්මාණය වීමට
හේතු වූ ගාමක බලවේගය තුළත් දකින්නට ඇත්තේ එකම දෙයයි ; ඒ දේශපාලනික හා ආර්ථික
බල තුලනයේ සැඩ රශ්මියයි . අප නිර්මාණය කරන ඔබේ වගකීම වන්නේ මේ සැඩ රශ්මියට
පිලිස්සෙන මනුෂ්‍යත්වය මුසු වුනු මානව සන්නිවේදයේ ඛේදවාචකය දෙස බලා සිටීම පමණක්
නොවෙයි.
# Dula #
No comments:
Post a Comment